Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 83ක විශිෂ්ඨ ජයක්

2 years ago

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කණ්ඩයම අතර අද පැවැත් වූ දෙවන T20 තරගය ලකුණු 83කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිශ්ශංක ලකුණු 54ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 26ක් ලබා ගත්තා.

කුසල් පෙරේරා ලකුණු 24ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 19 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Romario Shepherd කඩුලු 2ක් සහ Alzarri Joseph, Shamar Joseph සහ Shamar Springer අතරේ කඩුලු 1 බැගින් බෙදී ගියා.

තරගය ජයගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 163කි.

සුපිරි පන්දුයැවීමක නිරතවූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 09කට කඩුලු 03ක් දවාගත්තේය.

ශ්‍රී ලංකා පන්දුයවන්නන්ගේ සුපිරි පන්දුයැවීම හමුවේ කොදෙව්වන්ට පන්දුවාර 16යි එක් පන්දුවක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 89ක් පමණි.

මහීෂ් තීක්ෂණ ලකුණු 7කට කඩුලු 02ක්, චරිත් අසලංක ලකුණු 6කට කඩුලු 2ක්, වනිඳු හසරංග ලකුණු 32කට කඩුලු 2ක් සහ මතීෂ පතිරණ ලකුණු 12කට එක් කඩුල්ලක් ලබා ගත්තේය.