Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මැතිවරණ කොමිසමට එරෙහිව අශේන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

2 years ago

ජනප්‍රිය යූ ටියුබ් නිර්මාණකරුවෙකු වන අශේන් සේනාරත්න ඔහුට නාමයෝජනා ලබානොදීමෙන් සිදුවූ අසාධාරණයට එරෙහිව ඊයේ (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කොළඹ දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීවරයාට සහ මැතිවරණ කොමිසමට එරෙහිව පෙත්සමක් ගොනුකර තිබේ.

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටි අශේන් සේනාරත්න ස්වාධීන කණ්ඩායමක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයට සිය නාම යෝජනා බාර දුන්නේය.

නමුත් නාම යෝජනා ඉල්ලුම් පත්‍රය “බලයලත් නියෝජිතයෙකු විසින් ඉදිරිපත් කොට නොමැති වීමේ පදනම” මත ඔහු ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

නාම යෝජනා ලබාදීම ප්‍රතික්ෂේප වීම සම්බන්ධව සිය සමාජ මාධ්‍ය ගිණුම හරහාද විඩියෝ පට කිහිපයක් මුදා හැර තිබූ අතර ඔහු එම වීඩියෝපට මගින් මැතිවරණ කොමිසමේ තීරණයට සිය විරෝධතාව ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද ඔහු සඳහන් කර තිබුණි.