Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉතිහාසගත ජයක් සොයා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද තරග බිමට

2 years ago

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් 20යි 20 තරගය අද(17) රාත්‍රී 7.00ට දඹුල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ පැවති තරග දෙක එකට එකක් ලෙස ජය ගනිමින් කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවන බැවින් මෙම තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් වනවා.

අද තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයගත හොත් ඔවුන් මෙරටදී විස්සයි 20 තරගාවලියක් නොකඩවා ජය ගන්නා දෙවැනි අවස්ථාව මෙය බවට පත්වෙයි.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට අද ජය ගැනීමට හැකිවුවහොත් කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාව ජය ගන්නා පළමු විස්සයි 20 තරගාවලිය මෙය වීම විශේෂත්වයක්.

ඉතිහාසයේ කිසිම අවස්ථාවක ශ්‍රී ලංකා පිල කොදෙව්වන්ට එරෙහිව විස්සයි 20 තරගාවලියක් ජයගෙන නොමැති වීම විශේෂත්වයකි.