Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දීය කණ්ඩායමට අමිහිරි අත්දැකීමක්! ලකුණු 46කට දැවී යයි!

2 years ago

තරග 03කින් සමන්විත නවසීලන්ත – ඉන්දියා ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය නිමා වන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 180ක් ලබා සිටියා.

තරගය ඊයේ (16) ආරම්භ වීමට නියමිතව තිබුණ ද, ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දිනය ම අතහැර දැමීමට සිදු වුණා.

ඒ අනුව, අද දිනයේ දී තරගය කාසියේ වාසියේ ජය සත්කාරක ඉන්දියාවට හිමිකර දෙමින් ආරම්භ වුණේ ඔවුන් පළමු ඉනිමට පිතිකරණය තෝරා ගැනීමත් සමගින්.

එහි පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 46 කට දැවී ගියේය.

ඉන්දීය කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන්ගෙන් බොහෝ දෙනෙක් වෙනදා ලකුණු අතර සිටීම සුලබ කාරණයක් වුවද, අද තරගයේ දී පිතිකරුවන් 05 දෙනෙකු කිසිදු ලකුණක් නොලබා ම ක්‍රීඩාගාරයට හැරී යන අයුරු දක්නට ලැබුණා.

නායක රෝහිත් ෂර්මා, විරාට් කෝලි, සර්ෆරාස් ඛාන්, කේ.එල්. රාහුල්, රවීන්ද්‍ර ජඩේජා සහ රවිචන්ද්‍රන් අශ්වින් යන පිතිකරුවන් ලකුණු නොලබාම ක්‍රිඩාගාරය වෙත හරවා යැවීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් දෙදෙනා බවට පත් වූ රිෂාබ් පාන්ට් ලකුණු 20ක් හා ජයිස්වාල් ලකුණු 13ක් රැස් කළා.