Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොඩි තරුෂි වසර 39ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් කරයි

2 years ago

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කිරීමට අද (19) සමත් වූවාය.

ඒ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදීයි.

ඇය එහිදී කාන්තා මීටර 1500 ඉසව්ව විනාඩි 4:29.99.කින් අවසන් කර ඇය මෙම සුවිශේෂී වාර්තාව පිහිටු වූවාය.

16 හැවිරිදි වියේ පසුවන තරුෂි විසින් බිඳදමනු ලැබුවේ 1985 වසරේදී ධම්මිකා මැණිකේ විසින් 4:35.7කින් අවසන් කර පිහිටුවා තිබූ කනිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තාවයි.

තරුෂි ගම්පොළ වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.