බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති විස්සයි විස්ස තරගාවලියේදී ඇති වූ ආබාධය සුව නොවීම හේතුවෙන් පළමු එක්දින ක්‍රිකට් තරගයේදී පැතුම් නිස්සංක හට විවේකයක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කරනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
තෙවන ස්ථානයේ කමිඳු මෙන්ඩිස් ක්‍රීඩා කරනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.
ඉන්දියාව සමඟ පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා නොකළ වනිඳු හසරංග අද (20) තරගය සඳහා එක්වනු ඇති.
දිවා රාත්‍රි තරගයක් වන මෙම තරගය අද පස්වරු 02.30ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.

