ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (20) රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.
ඒ නවසිලන්ත සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතරයි.
අද පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පිටියේ විනිසුරුවරියක් ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකික විනිසුරුවරියක් වන නිමාලි පෙරේරාට හිමිව තිබේ.
ඒ අනුව ක්‍රිකට් ලෝක කුසලානයක අවසන් තරගයකදී පිටියේ විනිසුරුවරියක ලෙස කටයුතු කරන පළමු ශ්‍රී ලාංකික විනිසුරුවරිය බවට ඇය පත්වනු ඇත.

