Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වසර 36කට පසු අමිහිරි පරාජයක් ලද ඉන්දීය කණ්ඩායම

2 years ago

වසර 36 කට පසුව පළමු වරට ඉන්දියාවේ දී ටෙස්ට් තරගයක් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (20) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු අටක ජයක් වාර්තා කරමින්.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 31.2ක් තුළ සියලු දෙනා දැවි ලබාගැනීමට හැකි වූයේ ලකුණු 46ක් පමණයි.

එහිදී ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන් පස්දෙනෙකුම ලකුණු නොලබා දැවී යාම විශේෂත්වයකි.

පන්දු යැවීමේදී මැට් හෙන්රි කඩුලු 05ක් සහ විලියම් ඔ’රුක් කඩුලු හතරක් දවාගත්තා.

අනතුරුව සිය ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 402ක්.

එහිදී රචින් රවීන්ද්‍ර ලකුණු 134ක්, ඩෙවොන් කොන්වේ ලකුණු 91ක් සහ ටිම් සවුති ලකුණු 65ක් ලබාගත්තා.

පන්දුයැවීමේදී කුල්දීප් යාදෙව් සහ රවින්ද්‍ර ජඩේජා කඩුලු 03 බැගින් දවාගැනීමටයි සමත් වුණේ.

නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 356ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ඉන්දිය කණ්ඩායම සියලු දෙනා දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 462ක්.

ඒ අනුව තරගයෙන් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායමට ලකුණු 107ක ඉලක්කයක් හිමි වූ අතර කඩුලු 02ක් පමණක් දැවී ඔවුන් එම ඉලක්කය පසු කළා.

එහිදී විල් යංග් ලකුණු 48ක් සහ රචින් රවින්ද්‍ර ලකුණු 39ක් නොදැවි රැස්කරගත්තා.

මෙය නවසීලන්ත කණ්ඩායමක් ඉන්දියාවේදී වාර්තා කළ තෙවන ටෙස්ට් ජයග්‍රහණය මෙය වනවා.