ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙකු මෙන්ම ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් සහ මෙවර ජාතික ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු වන මහින්ද ජයසිංහ මහතා පවසන්නේ රන්ජන් රාමනායක මහතා මාලිමාවෙන් ඉදිරිපත් වන බවට පලවූ ප්‍රවෘත්ති කිසිවක් නිල වශයෙන් රන්ජන් මහතා හෝ ජාතික ජන බලවේගය විසින් ප්‍රකාශ කරන ලද ඒවා නොවන බවයි.
එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසූවේ රන්ජන් රාමනායක මහතාගෙන් එවැනි ඉල්ලීමක්ද නොවූ බවයි.
කෙසේවෙතත් එවැනි ඉල්ලීමක් නොවූ බැවින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජාතික ජන බලවේගයේ විධායක කමිටු රැස්වීමකදී හෝ සිදු නොවූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

