Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිය මංගල තරගයේදීම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය නිෂාන් මධුෂ්ක කියූ කතාව

2 years ago

මගේ රට වෙනුවෙන් ක්‍රිඩා කරන්න ලැබීම ලොකු භාග්‍යයක් බව ක්‍රිකට් ක්‍රිඩක නිෂාන් මධුෂ්ක පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (20)සංචාරක කොදෙව් කණ්ඩායම සමගින් පැවති පළමු එක්දින තරගයේ ජය වාර්තා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින්.

එහිදී සිය පලමු එක් දින තරගය ක්‍රිඩා කල නිශාන් මධුෂ්ක පන්දු 54 කදී ලකුණු 69ක් ලබා ගත්තා. ඒ 4 පහර 7 ක් සහ 6 පහර 1 ක් සමඟින්.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් නිෂාන් මධුෂ්ක කියා සිටියේ මෙම තරගය ක්‍රියා කිරීමට තමා ලොකු සැලසුමක් කර නොතිබු බවයි.

නමුත් පිටියට පැමිණි පසු එහි අවශ්‍යතාවය අනුව ක්‍රිඩා කරන්න කටයුතු කල බව ඔහු කියා කියා සිටියා.

එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සමඟ මෙම තරගයේ ක්‍රිඩා කිරීමේදී තමාට පහසු වු බව ඔහු මෙහිදී කියා සිටියා.