Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇල්පිටිය පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු 23 වනදා මැදියම් රැයෙන් අවසන්

2 years ago

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයට අදාළ ප්‍රචාරක කටයුතු අනිද්දා (23) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම නිහඬ කාලය ලබන 26 වනදා ඡන්ද විමසීම පත්වා ප්‍රතිඵල ප්‍රකාශකයට පත් කිරීම දක්වා පවතින බවයි එම කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මැතිවරණය අදාළ අවසන් දේශපාලන ප්‍රචාරක රැස්වීම්වල වීඩියෝ දර්ශන හා විස්තර 24 වැනිදා තුළ එක් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයක පමණක් ප්‍රචාරය කළ හැකියි.

25 වැනිදා පළ කරනු ලබන පුවත්පත්වල ඡායාරූප හා රැස්වීම් වාර්තා පළ කළ හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.