Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අපි ආණ්ඩුවේ කකුලෙන් අදින්නේ නෑ – එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ

2 years ago

සිය පක්ෂය ආණ්ඩුවට අකුල් නොහලන බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය පවසනවා.

ඒ හේතුවෙන් තමන් ඇතුළු පිරිස හතුරෝ ලෙස නොසලකන්නැයි එම පක්ෂයේ නායක රංජන් රාමනායක මහතා ඉල්ලීමක් කළා.

ඒ මහතා මේ බව කියා සිටියේ මීගමුව ඇවෙන්ද්‍රා ගාර්ඩ්න්ස් හෝටලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින්.

එමෙන්ම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සිය ගුරුවරියක් බවද රංජන් රාමනායක මහතා එහිදී ප්‍රකාශ කළා.

තමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග දූෂණයට විරුද්ධව පාර්ලිමේන්තුවේ සටන් කළ බවයි ඒ මහතා අවධාරණය කර සිටියේ.

එකට එක්වී සිදුකළ එම සටන ආණ්ඩුව ජයග්‍රහණය කර දෙනවානම් එය ඒකායන ප්‍රාර්ථනාව බවද රංජන් රාමනායක මහතා පැවසුවා.