Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් නළුවෙක් කොළඹින් මැතිවරණ සටන අරඹයි

2 years ago

2024 පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලාංකේය රංගන ශිල්පී චරිත් අබේසිංහ ඊයේ සිය දේශපාලන ව්‍යාපාරය ආරම්භ කළේය.

ඔහු මෙවර මහ මැතිවරණයේදී සමගි ජන බාලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයට තරග වඳිනු ලබයි.

“කරුණාකර මේක තවත් නළුවෙක් දේශපාලනයට එනවා කියලා හිතන්න එපා. ඔබ මගේ වැඩ දිහා බැලුවා නම්, මම නිතරම දේශපාලනය ගැන කතාකළා. චිත්‍රපට ක්ෂේත්‍රයට පමණක් සීමා වී තිබූ මගේ දේශපාලන කටයුතු දැන් සැබෑ දේශපාලන කරළියට පැමිණ තිබෙනවා.”

දින 23ක් ඇතුළත කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 15ම ආවරණය වන පරිදි වැඩසටහනක් දියත් කිරීමට අදහස් කරන බවද චරිත් අබේසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.