Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද සිට ජනතාවට සහන මිලට පොල් මිලට ගැනීමට අවස්ථාවක්! මිල දී ගත හැකි ස්ථාන මෙන්න!

2 years ago

පවතින පොල් මිල හමුවේ පාරිභෝගික ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතාවයට විසඳුමක් ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් ජංගම අලෙවි රථ හරහා ප්‍රධාන නගරයන්හිදී පොල් අලෙවි කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

මෙහිදී පොල් ගෙඩියක් රු 100ත් 120ත් මිලකට පාරිභෝගිකයින්ට ලබාදීමට නියමිතය.

අද (23) දිනයේ එහි පළමු අදියර කොළඹ, ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ, කඩුවෙල නගර සභා බල සීමා මුල්කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙයි.

කොළඹ බල ප්‍රදේශයේ වැලිකඩ පොලීසිය අසලත්, කිරුළපන පොදු වෙ‍ෙළඳපොළ සහ මුදල් අමාත්‍යාංශ පරිශ්‍රය ආසන්නවත් ජංගම ලොරි රථ මගින් බෙදාහැරිම් සිදුකිරීමට නියමිතය.

ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ නගර සභා සීමා ප්‍රදේශයේ වැලිකඩ පොලීසිය ආසන්නව සහ නුගේගොඩ ආනන්ද සමරකොන් එළිමහන් රංග පීඨය අසල ද පොල් බෙදාහැරිමේ ජංගම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. 

එමෙන්ම කඩුවෙල සහ බත්තරමුල්ල බල ප්‍රදේශයන් ආවරණය කරමින් සෙත්සිරිපාය රජයේ කාර්යාල පරිශ්‍රය ආසන්නව සහ ඩෙන්සිල් කොබ්බෑකඩුව පොල් වගාකිරීමේ මණ්ඩලය පිහිටි ස්ථානය ආසන්නවද මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ඉදිරියේදී සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.