Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නාමයෝජනා ලබා නොදීමට එරෙහිව අශේන් ගොනුකළ පෙත්සමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා දෙයි

2 years ago

මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට තේරීම්භාර නිලධාරියා ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වන අශේන් සේනාරත්න ගොනුකළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සිය නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම ගත් තීරණය සම්බන්ධයෙන් පසුගිය 16 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කොළඹ දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීවරයාට සහ මැතිවරණ කොමිසමට එරෙහිව අශේන් සේනාරත්න විසින් රිට් පෙත්සමක් ගොනුකරනු ලැබුවා.

මැතිවරණ කොමිසම විසින් අශේන් සේනාරත්නගේ නාම යෝජනා ඉල්ලුම් පත්‍රය“බලයලත් නියෝජිතයෙකු විසින් ඉදිරිපත් කොට නොමැති වීමේ පදනම” මත ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර තිබුණා.

මෙහිදි අශේන් සේනාරත්න පවසා සිටියේ නාම යෝජනා ඉල්ලුම් පත්‍රය භාර දෙන අවස්ථාවේදී තමා එම ස්ථානයේ රැඳී සිටි බවත් එහිදී නාම යෝජනා භාර ගැනීමේ කටයුතු සිදු කළ නිලධාරීන් විසින් තමාව ඉඳගෙන සිටීමට සලස්වා කණ්ඩායමේ වෙනත් අයෙකු වෙතින් අදාළ ඉල්ලුම් පත්‍ර ලබා ගැනීමට කටයුතු කළ බවයි.