Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

20යි 20 ක්‍රිකට් පිටියේ වාර්තා රැසක් එක් තරගයකින් අලුත් වෙයි! කසුන් රාජිතගේ වාර්තාවකුත් බිඳ වැටෙයි!

2 years ago

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ අප්‍රිකානු කලාපීය තරගාවලියේ ගැම්බියාවට එරෙහි තරගය ලකුණු 290කින් ජයගැනීම සිම්බාබ්වේ කණ්ඩායම අද (23) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 344ක්.

එහිදී සිකන්ඩර් රාසා නොදැවි ලකුණු 133ක් රැස්කරගත්තේ පන්දු 43කට මුහුණ දෙමින්.

එය සිම්බාබ්වේ ක්‍රීඩකයෙකු විස්සයි විස්ස තරගයක රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වනවා.

රාසා හතරේ සහ හයේ පහරවල්වලින් ලකුණු 118ක් රැස්කළ අතර එය සිම්බාබ්වේ ක්‍රීඩකයෙකු විසින් හයේ සහ හතරේ පහවල්වලින් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වීමත් විශේෂත්වයක්.

සිකන්ඩර් රාසා සහ සිල්වේ මඩාන්ඩේ අතර පස්වන කඩුල්ල සඳහා ලකුණු 141ක සබඳතාවක් ගොඩනැගූ අතර එය සිම්බාබ්වේ කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු අතර පස්වන කඩුල්ලේ ඉහළම සබඳතාව වනවා.

ගැම්බියා කණ්ඩායමේ ක්‍රීඩක මුසා ජොබාර්තේගේ පන්දුවාර 04 තුළ ලකුණු 93ක් රැස්කරගැනීමටයි සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණේ.

එය විස්සයි විස්ස තරගයක පන්දු යවන්නෙකු ප්‍රතිවාදින්ට ලබාදුන් ඉහළම ලකුණු සංඛ්‍යාව වනවා.

මීට පෙර එම වාර්තාවට හිමි කියනු ලැබුවේ, ඔස්ටේ්‍රලියානු කණ්ඩායමට එරෙහිව පන්දුවාර 4ක් තුළ ලකුණු 75ක් ලබාදුන් කසුන් රාජිතයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 345ක ඉලක්කයක් හඹා ගිය ගැම්බියා කණ්ඩායමටය පන්දුවාර 14.4ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 54ක් පමණයි.

මෙම තරගයේදී සිම්බාබ්වේ ලැබූ ලකුණු 290ක ජයග්‍රහණය විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ විශාලතම ලකුණු පරතරයකින් ලද ජයග්‍රහණය වනවා.

මෙම තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම රැස්කළ ලකුණු 344 විස්සයි විස්ස තරගාවලදී කණ්ඩායම ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වීමත් විශේෂත්වයක්.

එහිදී ඔවුන් බිඳහෙළුවේ නේපාල කණ්ඩායම මොංගෝලියාවට එරෙහිව රැස්කළ ලකුණු 314ක වාර්තාවයි.