අද (24) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 800,009 ක් ලෙසයි. එය ඊයේ (23) දිනයට සාපේක්ෂව රුපියල් 4,884 ක අඩුවීමක් පෙන්නුම් කළා.
ඒ අනුව කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 28,220 ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,870 ක් සහ රුපියල් 24,700 ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 225,800 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 206,950 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 197,550 ක් ලෙසත් සඳහන්ව තිබුණා.

