Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට තීරණාත්මක ක්‍රිකට් තරගයක් අද

2 years ago

ඕමානයේ පැවැත්වෙන ආසියානු නැගීඑන කණ්ඩායම් කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන A කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (24) ප.ව. 2.30ට  ආරම්භවීමට නියමිතව ඇත.

මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩයෙන් තරගකළ ශ්‍රී ලංකාව එක් තරගයක් පරාජය වී, ක්‍රීඩාකළ තරග 3න් 2ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පවත් විය.

‘ඒ’ කාණ්ඩයට ඇෆ්ගනිස්තාන A, බංග්ලාදේශ A හා හොංකොං ජාතික කණ්ඩායම ක්‍රීඩා කළේය. ඉන් ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානට පමණක් පරාජය විය.

මෙම තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ද අද (25) ප.ව. 7.00ට පැවැත්වෙන අතර, එම තරගය මෙහි ‘බී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගත් ඉන්දීය A කණ්ඩායම හා ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකරගත් ඇෆ්ගනිස්තාන A කණ්ඩායම අතර පැවැත්වේ.

2023 වසරේ පැවැති අවසන් තරගාවලියේදී ශූරතාව දිනාගැනීමට පාකිස්තාන A කණ්ඩායම සමත් විය.