Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එළවළු මිලෙහි සීඝ්‍ර පහත වැටීමක්

2 years ago

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල ශීඝ්‍රයෙන් පහළ වැටි ඇතැයි එහි ව්‍යාපාරිකයින් පවසනවා.

මේ දිනවල වැඩි වශයෙන් එළවලු තොග ලැබුණද ඒවා මිලදී ගැනීම සඳහා පිටස්තර වෙළෙන්දන්ගේ පැමිණීම අඩුවීම, මේ තත්ත්වයට හේතු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

අමු මිරිස්,වම්බටු, තක්කාලි ,කැකිරි ආදී එළවලු වර්ග සහ කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන කැරට්,ලීස්,ගෝවා බොහොමයක් අලෙවි වන්නේ රුපියල් 50 ත් 100ත් අතර මිල ගණන් යටතේ බවයි සඳහන් වන්නේ.

ඒ අනුව තක්කාලි කිලෝවක් රුපියල් 160- 200 අතර මිලකටත්, වම්බටු රුපියල් 80-100 අතර මිලකටත්, කැරට් රුපියල් 50-70 අතර මිලකටත්, බෝංචි රුපියල් 150 -200ත් අතර මිලකටත් අලෙවි වී තිබෙනවා.

එමෙන්ම මාළු මිරිස් රුපියල් 240-300 අතර මිලකටත්, අමුමිරිස් රුපියල් 250-300 අතර මිලකටත්, කැකිරි රුපියල් 25-30 අතර මිලකටත්, පිපිඤ්ඤා රුපියල් 25-30 අතර මිලකටත්, වට්ටක්කා රුපියල් 80-100 අතර මිලකටත් මෑ කරල් රුපියල් 100-120 අතර මිලකටත්, ගෝවා රුපියල් 50-70 අතර මිලකටත්, ලීක්ස් රුපියල් 140-160ත් අතර මිලකටත් අලෙවි වන බවයි සඳහන් වන්නේ.