පාකිස්තාන A කණ්ඩායම කඩුලු 7කින් පරාජය කර ආසියානු නැගීඑන කණ්ඩායම් කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද (25) සමත් විය.
ෂහීන්ස් කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 136ක පහසු ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී තිබියදී තරගයේ 17(16.3) පන්දුවාරයේදී යාමට ශ්‍රී ලංකාව සමත් විය.
ශ්‍රී ලංකා ජය පහසු කරමින් ප්‍රහාරාත්මක පිතිහරඹයක නිතර වූ අහන් වික්‍රමසිංහ හයේ පහරක් හා හතරේ පහර 4ක් සමගින් පන්දු 46කට මුහුණදෙමින් නොදැවී ලකුණු 52ක් රැස්කිරීමට සමත් විය.
ඔහුට අමතරව ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 20කට මුහුණදෙමින් ලකුණු 43ක් රැස්කළ අතර, ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 2ක් ඇතුළත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 135ක් පමණි.
පසුගියවර තරගාවලියේදී ශූරතාව දිනා ගැනිමට සමත් වූයේ පාකිස්තාන කණ්ඩායමයි.

