Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් සොයා ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග බිමට

2 years ago

ශ්‍රී ලංකාව හා සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම අතර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (26) පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ප.ව. 2.30ට ආරම්භවීමට නියමිතව ඇත.

අද තරගය ජයගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාව පවතී.

මේ අතර ආබාධයක් හේතුවෙන් පසුගිය තරග දෙක සඳහා ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක අද තරගයට ක්‍රීඩා කිරීමට වැඩි ඉඩකඩක් පවතින බවයි වාර්තා වන්නේ.

දෙරට අතර මේ දක්වා එක්දින තරග හැට හයක් පවත්වා ඇති අතර ඉන් තරග 32ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර, තරග 31ක් බ.ඉ. කොදෙව්වන් ජයගෙන සිටියි. තරග 3ක් පමණක් විසදුමකින් තොරව අවසන් වී තිබේ.

1975 වසරේ සිට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ හමුවන ශ්‍රී ලංකාව හා කොදෙව් කණ්ඩායම් අද සිය 67 වැනි එක්දින තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් දෙරට අතර ශ්‍රී ලංකාවේදී පවත්වා ඇති තරග අතරින් බහුතර ජයග්‍රහණ හිමිකරගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි.

මෙම කණ්ඩායම් ශ්‍රී ලංකාවේදී හමුවූ තරග 19කින් තරග 14ක ජය ශ්‍රී ලංකාවට හිමිවද්දී, කොදෙව්වන්ට ජයගැනීමට හැකිව ඇත්තේ තරග 3ක් පමණි.