Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මහා සමුළුව අද

2 years ago

කොට්ටාව නගර මධ්‍යයේ ගිනි ගත් වෑන් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ බොරැල්ල දෙස සිට කොට්ටාව දෙසට 174 බස් මාර්ගය ඔස්සේ ධාවනය වූ රථයක්.

පොලිසිය සඳහන් කළේ රියදුරු වාහනය මාර්ගය අසල නවතා ඉන් බැස ගොස් ඇති අවස්ථාවක මෙලෙස ගින්න හටගෙන ඇති බවයි.

ගින්න හටගන්නා අවස්ථාවේ එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු නිරුපද්‍රිතව දිවි බේරාගැනීමට සමත්වී තිබෙනවා.

කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන රථයක් පැමිණ අදාළ ගින්න නිවා දමා ඇති බව සඳහන්.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර කාර්මික දෝෂයක් හේතුවෙන් මෙය සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

අයුක්තියට අසාධාරණයට එරෙහි එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මහා සමුළුව අද සවස 2ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

ඒ එම පක්ෂයේ නායක රන්ජන් රාමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට එම පක්ෂයෙන් තරග වදින අපේක්ෂක අපේක්ෂිකාවන් ආගමික නායකයින් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වීමට නියමිතයි.