මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වී සිටින උපාලි කොඩිකාර මහතාගේ අත්පත්‍රිකා බෙදමින් සිටි ඔහුගේ බිරිඳ වන කාන්ති කොඩිකාර මහත්මියට පහරදීමේ සිද්ධියක් වාර්තා වනවා.
මෙම පහරදීම සිදුවී ඇත්තේ ඊයේ (25) පස්වරුවේ පන්නිපිටිය ප්‍රදේශයේදීයි.
සිය සැමියාගේ ඡන්ද ප්‍රචාරණ කටයුතුවලට එක්වී ගෙයින් ගෙට ගොස් සිටියදී ඇයට මෙම ප්‍රහාරය එල්ලවී තිබෙනවා.
ප්‍රහාරයෙන් පසු හිටපු නගරාධිපතිනිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පහරදුන් පුද්ගලයාව මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්පත්‍රිකා බෙදන්න ගිය පොහොට්ටුවේ හිටපු නගරාධිපතිනියට ප්‍රහාරයක්

