අද (26) දින පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නවක සභිකයන් තෝරාපත්කර ගැනීමේ ජන්ද විමසීමෙන් ජාතික ජන බලවේගය කොට්ඨාස 15 ක බලය හිමිකරගෙන ඇති බව දේශපාලන ආඅරංචිමාර්ග සදහන් කරයි.
තවද ඉතිරි කොට්ඨාස දෙකේ බලය සමගි ජන බලවේගය හිමිකරගෙන ඇති අතර ඇල්පිටිය ප්‍රදේශීය සභාවේ මුළු සභිකයන් ගණන 28 ක් වන අතර ඉන් 11 දෙනකු සමානුපාතික ක්‍රමය යටතේ තෝරා ගැනීමට නියමිතය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මුළු කොට්ඨාශ ගණන 17ක් වන අතර අවසන් ප්‍රතිඵලය මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

