Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකාව පරදා කොදෙව්වන් පහසු ජයක් ලබයි

2 years ago

ශ්‍රී ලංකාව හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය කඩුලු 8 කින් ජය ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර එක් කඩුල්ලක් දැවී ලකුණු 81 ක් ලබා සිටිනවිට තරගයට වර්ශාවෙන් බාධා එල්ල වුණා.

ඒ අනුව යළිත් පැය කිහිපයකට පසුව තරගය පන්දුවාර 23 කට සීමා කරමින් ආරම්භ වූ අතර සිය පන්දුවාර 23 තුළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 156 ක් ලබාගත්තා.

ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රහණය සඳහා කොදෙව් කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 195 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි කෙදෙව් කණ්ඩායම 22 වන පන්දුවාරයේදී කඩුලු 2 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.