Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වාහන ආනයනයට බාලගිරිදෝෂය! අලුතින් වාහනයක් ගන්න සිහින දකින්නන්ගේ සිහින බොඳ වෙන ලකුණු!

2 years ago

මෙරටට වාහන ආනයනය සඳහා අවසර ලබාදීම 2026 වසර දක්වා කල් දැමෙනු ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන බව අද ජාතික පුවත්පත් කිහිපයක්ම වාර්තා කරනවා.

එම පුවත් වාර්තාවල සදහන් වන්නේ කොවිඩ් අර්බුදයත් සමඟ වාහන ආනයනය 2020 මාර්තු මාසයේදී තහනම් කළ බවයි.

එම තීරණයත් සමඟ රජයට බදු ආදායම ලෙස ලැබුණු රුපියල් බිලියන 250 ක පමණ මුදලක් අහිමි වී ඇති බව සඳහන්.

එකල ඩොලරයක වටිනාකම රුපියල් 200 – ක් පමණ වූ අතර එහෙත් අද ඩොලරයක වටිනාකම රුපියල් 288/- ක් පමණ වන බවත් එම වාර්තා වල සදහන්.