
ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ නව සභාපතිවරයා ලෙස මෙම මැතිවරණයේ දි ජාතික ජනබලවේගයේ කණ්ඩායම් නායකයා ලෙස තරග කළ නිශාන්ත පෙරේරා පත්කිරිමට නියමිතව ඇති බව ජාතික ජනබලවේගයේ දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
නිශාන්ත පෙරේරා හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රිවරයෙක්ද වන අතර ඔහු ජාතික ජනබලවේගයේ බෙන්තර ඇල්පිටිය ආසනයේ ප්‍රධාන සංවිධායකවරයාද වේ.
ඊයේ(26) පැවති මැතිවරණයෙන් තේරී පත් වුණු ජාතික ජන බලවේගයෙන් ඉතිරි මන්ත්‍රීවරුන් 14 දෙනාම නවකයින් වීම විශේෂත්වයකි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵල අනුව මන්ත්‍රීධූර 30න් 15කට හිමිකම් කීමට ජාතික ජන බලවේගය සමත් විය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණය සඳහා නිශාන්ත පෙරේරා ජාතික ජනබලවේගය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කරණු ලබයි.

