Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අවසන් මහා ක්‍රිකට් තරගය අද

2 years ago

ඕමානයේ පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ අවසන් මහ තරගය ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම අතර තරගය මෙරට වේලාවෙන් අද (27) රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතය.

මෙවර නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ‘A’කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා ‘A’කණ්ඩායම තරග 3න් තරග 2ක් ජය ගනිමින් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීය.

අවසන් පුර්ව තරගයේදී පාකිස්තාන ‘A’කණ්ඩායම කඩුලු 7කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

මෙවර තරගාවලියේ ‘B’කාණ්ඩයෙන් තරග වැදුණු ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම අවසන් පුර්ව තරගයේදී ප්‍රබල ඉන්දිය ‘A’කණ්ඩායම ලකුණු 20කින් පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.