අද (28) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 804,659 ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 28,390 ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 26,030 ක් සහ රුපියල් 24,850 ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 227,100 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 208,200 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 198,750 ක් ලෙසත් සඳහන්ව තිබුණා.
