Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇල්පිටියේ මාලිමා බලය තහවුරු වෙයි! ප්‍රධාන පක්ෂයක් මාලිමාවට සහාය දැක්වීමට තීරණය කරයි!

2 years ago

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අයවැය ඇතුළු යෝජනා සම්මත කිරීමට අවශ්‍ය සහාය ජාතික ජනබලවේගයට ලබා දෙන බව ජාතික ජනතා පක්ෂය පවසනවා.

එහි රත්නපුර දිස්ත්‍රික් නායක සහ මැතිවරණ අපේක්ෂක සංජය මහවත්ත මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා.

පසුගියදා නිමාවට පත් වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව මැතිවරණයේදී ජාතික ජනබලවේගය දිනාගත් ආසන සංඛ්‍යාව 15ක්.

සෙසු පක්ෂවලට ආසන 15ක් හිමිව ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

ඒ අනුව ජාතික ජනබලවේගයට අදාළ පළාත් පාලන ආයතනයේ බලය තහවුරු කරගැනීමට තවත් එක් මන්ත්‍රිධුරයක් අවශ්‍ය වනවා.

ඒ සඳහා වන පූර්ණ සහායෝගය ලබා දෙන බවයි, ජාතික ජනතා පක්ෂය සඳහන් කර ඇත්තේ.

ජාතික ජනබලවේගයේ යහපත් ක්‍රියා සඳහා කොන්දේසි විරහිතව සහාය ලබා දෙන බවත්, අදාළ මන්ත්‍රී ධුරය මුදලට අලෙවි නොකරන බවත් සංජය මහවත්ත මහතා වැඩිදුරටත් කියා සිටියා.