Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රන්ජන් රාමනායක හදිසියේම මාධ්‍ය කැඳවයි! නැගෙන සියලු චෝදනාවලට පිළිතුරු දෙයි!

2 years ago

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මහ සමුළුව සම්බන්ධයෙන් නැගෙන චෝදනාවලට පිළිතුරු ලබා දීම සඳහා එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහිදී ඔහු නැගෙන සියලු චෝදනා ප්‍රතික්ෂේප කළ අතර එදින සිදු වූ සියලු සිදුවීම් පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබුවා.

එම සමුළුවෙන් අනතුරුව විශ්වවිද්‍යාල සිසුවෙකු බව පවසමින් මාධ්‍ය වෙත අදහස් දැක් වූ තරුණයා පිළිබඳව රන්ජන් රාමනායක මහතා පැහැදිලි කිරීමක් සිදු කළේය.

තමාට මුදල් දෙන බව පොරොන්දු වෙමින් සමුළුවට රැගෙන ආ බවට මාධ්‍ය වෙත අදහස් දැක් වූ විශ්වවිද්‍යාල සිසුවෙකු යැයි හඳුන්වාගත්

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා,

“අහිංසක දරුවෙක් තමා එතන ඉන්නේ.ඔහු 2006දී ඉපදුණු දරුවෙක්.
ඔහු අ.පො.ස සාමාන්‍ය පෙළ දරුවෙක්.
ඒ දරුවාගේ අනාගතය ගැන හිතලා ඒ දරුවාගේ දෙමව්පියන්ගේ තත්ත්වය ගැන හිතලා ඔවුන්ගේ පෞද්ගලිකත්වය ගැන හිතලා මම ඒ දරුවාගේ නම හෙළි කරන්න යන්නේත් නැහැ.ඒ දරුවා ගැන සඳහනක් කරන්න යන්නෙන් නෑ.
ඒක වැරදි වැඩක් කියලා මම හිතනවා.ඔවුන් ප්‍රකාශ කර සිටිනවා ඒ මාධ්‍යයට අපි කැලණියේ university එකේ දරුවන් කියලා.අපි සොයා බලද්දී අපි අහලා බලද්දී ඒක එහෙම නෙමෙයි.එතන යම්කිසි වැරදි වාර්තාවක් වැරදි කතාවක් තියෙනවා.ඒ දරුවාට කියලා තියෙනවා මේකේ ඉන්න ප්‍රයෝගකාරී පිරිසක් අපේ සම්මේලනයේ ජනප්‍රියත්වය අඩාල කරන්න පිරිසක් කියලා තියෙනවා ඔබ මාධ්‍යට ප්‍රකාශ කරද්දී කැලණියේ university එකේ දරුවෙක් කියලා කියන්න කියලා
කැලණියේ university එක කියන්නේ මං ගොඩාක් ගරු කරන විශ්වවිද්‍යාලයක්.”