Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විශ්වවිද්‍යාල සිසුන්ට මඩ නොගැසිය යුතුයි – එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ

2 years ago

පසුගියදා රංජන් රාමනායක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මහා සමුළුවට සහභාගී වූ පිරිස මුල් කර ගනිමින් ඇතිවූ සිද්ධිය හුදෙක් නව පක්ෂයේ ජනප්‍රියතාව දරා ගත නොහැකිවූ පිරිසක් විසින් මෙහෙයවන අසත්‍ය තොරතුරු මුල් කර ගත් නාට්‍යක් බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රවී කුමුදේශ් මහතා පවසනවා.

එම සිසුවා කැලණිය සරසවියේ සිසුවෙක් නොවන බවත්, ඔහු පිළියන්දල ප්‍රදේශයේ වයස අවුරුදු 18ක සිසුවෙක් බවයි ඔහු සඳහන් කරන්නේ.

විශ්වවිද්‍යාල සිසුන් රුපියල් දෙදහසකට මිලදී ගත හැකි පිරිසක් නොවන බවත් , ඔවුන් කවදත් තම දේශපාලන මතය වෙනුවෙන් පෙනි සිටි පිරිසක් බවත් කුමුදේශ් මහතා එහිදී අවධාරණය කර සිටියා.

සියලුදෙනා කටයුතු කළ යුත්තේ සම බිමක සිට බවයි ඔහු සඳහන් කළේ.