Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කමිඳු මෙන්ඩිස් ශ්‍රේණිගතකිරීම්හි ඉදිරියට

2 years ago

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත් වී ඇත.

මෙය කමිඳු මෙන්ඩිස් ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි මෙතෙක් ලබාගත් ඉහළම ශ්‍රේණිගත කිරීම වීම විශේෂත්වයක් වන අතර ඔහුට හිමි ප්‍රසාද ලකුණු ගණන 716කි. කමිඳු මීට පෙර 10වැනි ස්ථානයේ පසු විය.

එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 12 වැනි ස්ථානය හිමිකර ගැනීමට එක් ස්ථානයක් ඉදිරියට පැමිණි මහීෂ් තීක්ෂණ සමත් වී ඇත. ඔහුට හිමි ප්‍රසාද ලකුණු ගණන 623ක් වන අතර ප්‍රසාද ලකුණු 584ක් හිමි වනිඳු හසරංගට ස්ථාන 2කින් ඉදිරියට පැමිණීමත් සමග 16 වැනි ස්ථානය හිමිව ඇත.