Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

T10 ලීගයේ කණ්ඩායම්වල නම් ප්‍රකාශයට පත්කෙරේ! ක්‍රීඩකයින්ට ඩොලර් 35,000 – 2,500 දක්වා ගෙවීම්!

2 years ago

දෙසැම්බර් 12 සිට 22 දක්වා පැවැත්වීමට නියමිත ලංකා T10 මංගල සුපර් ලීගය සඳහා ක්‍රීඩක කෙටුම්පත් කිරීම 2024 නොවැම්බර් 10 වන දින පැවැත්වීමට නියමිතව ඇත.

ප්‍රාදේශිය අනන්‍යතාවයන්,සංස්කෘතික වටපිටාව සහ ක්‍රිකට් ර්‍කීඩාව සමග ඇති සබඳකම් හී ස්වරුපය ආදියද සැළකිල්ලට ගනිමින් කණ්ඩායම් හයක්,නගර නාම මුලට යොදමින් නම් කර ඇති අතර පහත දැක්වෙන්නේ එම කණ්ඩායම් නාම ලේඛණය ය.

කලම්බු ස්ට්‍රයිකර්ස්
ගෝල් මාවලර්ස්
යාපනය ටයිටන්ස්
මහනුවර බෝල්ට්ස්
හම්බන්තොට බංග්ලා කොටි
මීගමුව බ්‍රේව්ස්

මෙහිදී මූලික වශයෙන් මූලික ලන්සු මුදල් 4 ක් යටතේ ක්‍රීඩකයින් වර්ග ගන්වා ඇත.ඒ කාණ්ඩයේ දී ඇමෙරිකානු ඩොලර් 35000 ක්,බී කාණ්ඩායේ දී ඇමෙරිකානු ඩොලර් 20000 ක් ද,සී කාණ්ඩයේදී ඇමෙරිකානු ඩොලර් 10000 ක් සහ ඩී කාණ්ඩයේ ඇමෙරිකානු ඩොලර් 2500 ක් මූලික ලංසු මුදල ලෙස ගණන් ගැනෙයි.

ඩොලර් 2500 කණ්ඩායම ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෙක් මිලට ගැනීමට මෙන්ම අමතරව තවත් සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක් ඇතුළත් කර ගැනීමට ද යොදා ගන්නට හැකියි.