Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල අඩු කරයි

2 years ago

ජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස මගින් අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල පහල දැමූ බව ලංකා සතොස ආයතනය පවසයි.

ඒ අනුව, දිවයිනේ සියලුම ලංකා සතොස අලෙවිසල්වල මුං ඇට කිලෝවක මිල රුපියල් 850 සිට රුපියල් 799 දක්වා රුපියල් 51 කින්ද, සුදු කවුපි කිලෝවක මිල රුපියල් 900 සිට 880 දක්වා රුපියල් 20 කින්ද, සුදු සීනි කිලෝවක මිල රුපියල් 248 සිට 243 දක්වා රුපියල් 05 කින්ද පහල දැමූ බව සතොස ආයතනයේ අලෙවි ප්‍රධානි සමන් කාරියවසම් මහතා පවසයි.

එමෙන්ම ලොකු ලූණු කිලෝවක් රුපියල් 300 බැගින් සියලුම සතොස අලෙවිසල්වලින් ලබාගැනීමට හැකි බවද ඒ මහතා පැවසීය.