Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සැප්තැම්බර් 27 ත් ඔක්තෝබර් 15 ත් අතර දින 19 තුළදී රජය බිලියන 491ක් ණයට අරන්! ණය ලබාගත් හේතුව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, මහාචාර්ය අනිල් ජයන්ත හෙළිකරයි!

2 years ago

සැප්තැම්බර් 27 ත් ඔක්තෝබර් 15 ත් අතර කාලය තුළ ලබා ගත් ණය ප්‍රමාණයෙන් 87% ක තරම් ප්‍රමාණයක් වැය කර තිබෙන්නේ මීට පෙර ලබාගෙන තිබෙන ණය පියවීම සදහා බව මහාචාර්ය අනිල් ජයන්ත පවසයි. 

සැප්තැම්බර් 27 ත් ඔක්තෝබර් 15 ත් අතර කාලයේ දී රජය අවස්ථා තුනකදී භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර තිබෙන අතර, එක් භාණ්ඩාගාර බැදුම්කරයක් නිකුත් කර තිබේ. ඉන් රජය ලබා ගෙන ඇති ණය මුදල රුපියල් බිලියන 461.5 කි. 

ඉහත සදහන් කල, සැප්තැම්බර් 27 ත් ඔක්තෝබර් 15 ත් අතර කාලයේ දී කල් පිරුණු භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර වල වටිනාකම රුපියල් බිලියන 412.9 කි. 

ඒ අනුව, අදාල කාලසීමාව තුළ භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර වෙන්දේසියෙන් රජය උපයාගෙන ඇති මුදලෙන් 87% ක් ම වැය කර තිබෙන්නේ ගත් ණය ගෙවීම සදහා යැයි මහාචාර්යවරයා පවසන කතාව සත්‍යයකි.

(source – headlinenews)