Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්ධන කොමිස් ගෙවන්න නව මිල සූත්‍රයක්

2 years ago

සිපෙට්කා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ කොමිස් මුදල ගණනය කිරීම වෙනුවෙන් මිල සූත්‍රයක් සකස් කරන බව ලංකා ඛනිජ තෙල් සංසථාව පවසනවා.

එහි සභාපති ඩී. ජේ. රාජකරුණා සඳහන් කළේ අදාළ මිල සූත්‍රය සකස් කිරීම සඳහා ඉන්ධන බෙදුම්කරුවන්ගේ පිරිවැය පිළිබඳව තොරතුරු මේ වන විට ලබා ගෙන ඇති බවයි.

ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ කොමිස් මුදල පිළිබඳ පවතින ගැටලුවට විසදුමක් ලෙස සෑම ඉන්ධන ලීටරයකටම රුපියල් 6ක මුදලක් ගෙවීමට සංස්ථාව එකඟ වී තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන් අධිකරණයට ගොස් ඇති බවත් ඒ අනුව ඉන්ධන පිරවුම්හල්හිමියා සිපෙට්කා බෙදා හැරීමේ ජාලයේ කොටස්කරුවෙක් ලෙස සලකමින් අසාධාරණ ලාභයක් ඉපැයීමට ඉඩ නොදෙන බවත් තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළා.