Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශකීබ් අල් හසන්ගේ බැංකු ගිණුම් අත්හිටුවයි

2 years ago

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක මෙන්ම එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ෂකීබ් අල් හසන්ගේ බැංකු ගිණුම් අත්හිටුවා තිබෙනවා.

බංග්ලාදේශ මූල්‍ය බුද්ධි ඒකකය විසින් එම පියවර ගෙන ඇත්තේ, ඔහුට එල්ල වී ඇති මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් වූ විමර්ශනවලට අදාළවයි.

ෂකීබ් අල් හසන්ගේ පෞද්ගලික හා ව්‍යාපාර මෙන්ම බිරිඳගේ බැංකු ගිණුම් තොරතුරු ලබා දෙන ලෙස බංග්ලදේශයේ මූල්‍ය බුද්ධි ඒකකය මීට පෙර ඔහුට දැනුම් දී තිබුණා.

මොහු මේ වනවිට සිය පවුලේ සාමාජකයින් සමග ඇමරිකාවේ පදිංචිව සිටින අතර ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ද පසුගිය දා පළමු වරට චෝදනා එල්ල වුණා.