අද (07) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 778,961 ක් ලෙසයි. එය ඊයේ (06) දිනයට සාපේක්ෂව රුපියල් 27,638 ක සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කළා. (ඊයේ රන් අවුන්සයක මිල රුපියල් 806,599 ක්)
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,480 ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,190 ක් සහ රුපියල් 24,050 ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 219,850 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 201,550 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 192,400 ක් ලෙසත් සඳහන්ව තිබුණා.
