Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උපදේශක පුහුණුකරුවෙක්

2 years ago

දකුණු අප්‍රිකා කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකු වන නේල් මැක්කෙන්සි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ක්‍රිකට් පුහුණුකරු ලෙස පත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ, ඔහු නොවැම්බර් 13 වැනිදා සිට 21 වැනිදා දක්වා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමඟ කටයුතු කරනු ඇති බවයි.

ඒ අනුව ඔහු දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිරිසක් සමඟ කටයුතු කිරීමට නියමිතයි.

මේ අතර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.

පළමු තරගය නොවැම්බර් මස 27 වැනිදා සිට දෙසැම්බර් පළමු වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. එම තරගය ඩර්බන් හි පැවැත්වීමට නියමිතව තිබේ.

දෙවන ටෙස්ට් තරගය දෙසැම්බර් මස 5 වැනිදා සිට 9 වැනිදා දක්වා ශාන්ත ගර්බර්හා හි පැවැත්වීමට නියමිතයි.