Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිත්තර මිල

බිත්තර මිල පෙර නොවූ විරූ ලෙස ඉහළ යන ලකුණු

2 years ago

බිත්තරයක මිල රුපියල් 60ත් 65ත් අතර මිලකින් ඉහළ යන ලකුණු පෙන්නුම් කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසනවා.

පෙරේදා (11) දින මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව පැවසුවා.

හාල් මෝල් හිමියන් රයිස් පොලිස් මිල හා සුණු සහල් මිල තුන්ගුණයකින් වැඩිකිරීම නිසා කුකුළු ආහාර නිෂ්පාදනය කරගත නොහැකි මට්ටමකට පැමිණ තිබෙන බව ඔහු සඳහන් කළා.

අද බිත්තරයක නිෂ්පාදන මිල රුපියල් 38ක් පමණ වන නමුත් ගොවියා බිත්තරයක් රුපියල් 30-31ත් අතර මිලකට රුපියල් 7ක පමණ පාඩුවක් දරමින් ලබා දෙන බැවින් මහා පරිමාණ ගොවීන් ක්‍ෂේත්‍රයේ රැඳී සිට මධ්‍ය හා කුඩා පරිමාණයේ ගොවීන් ගොවිපළවල් අත්හරින තත්ත්වයකට පත්ව ඇති බව ඔහු පැවසුවා.