Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුසල් මෙන්ඩිස්ගෙන් හා අවිශ්කගෙන් සුපිරි ශතක ද්විත්වයක්

2 years ago

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර දඹුල්ලේ පැවැත්වෙන පළමු එක්දින තරගයේදී අගනා ශතක වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු සමත් විය.

මෙහිදී කුසල් සිය ශතකය පන්දු 102කට මුහුණ දෙමින් රැස්කළ අතර, අවිශ්ක පන්දු 114කට මුහුණදෙමින් ශතකය රැස් කළේය.

කුසල් හා අවිශ්ක දෙදෙනාම අද රැස්කළේ ඔවුන්ගේ 4වැනි එක්දින ශතකය වීම විශේෂත්වයකි.

මෙය කුසල් 2023 වසරේදී පාකිස්තානයට එරෙහිව ශතකයක් රැස්කිරීමෙන් ඉනිම් 22කට පසු ක්‍රීඩාකළ පළමු ශතකය වෙයි.

කෙසේ නමුත් අවිශ්ක ශතකයක් වාර්තා කළේ වසර 3කට පසුව වෙයි.

අවසන්වරට ඔහු 2021 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ශතකයක් රැස්කිරීමෙන් පසු මේ දක්වා ක්‍රීඩාකළ ඉනිම් 21කදී ඔහුට ශතක සීමාවට පැමිණීමට නොහැකි විය.

කෙසේ නමුත් ඒ අතරවාරයේදී ඔහු අවස්ථා දෙකකදී ලකුණු 91ක් හා ලකුණු 96ක් රැස්කරගෙන සිටියදී අවාසනාවන්ත ලෙස දැවීගොස් ඇත.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.2ක් අවසානයේදී කඩුළු 5ක් දැවී ලකුණු 324ක් රැස් කරගෙන සිටියේය.