Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඡන්ද විමසීම ඇරඹෙයි! මන්ත්‍රීධූර 196කට අපේක්ෂකයින් 8361ක් සටනේ!

2 years ago

10 වන පාර්ලිමේන්තුව සදහා සභිකයින් තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීමේ කටයුතු (අද) පෙරවරු 7.00ට ආරම්භ වීමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ඒ අනුව අද උදෑසන 7 සිට පස්වරු 04 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්ද විමසීම පවත්වන බවය. 

ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර මහ මැතිවරණය සදහා ඡන්දදායකයින් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතර දෙනෙකු (17,140,354) ලියාපදිංචි වී තිබේ.

මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතරින් වැඩිම ඡන්ද දායකයින් සහිත දිස්ත්‍රික්කය බවට ගම්පහ දිස්ත්‍රික්කය පත්ව ඇති අතර එම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව දහ අට ලක්ෂ අසූ එක් දහස් එකසිය විසි නව දෙනෙකු (1,881,129) දෙනෙකු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව දහහත් ලක්ෂ හැට පන්දහස් තුන්සිය පනස් එකකි. (1,765,351)

අඩුම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයෙන් ලියාපදිංචි වී ඇති අතර එම සංඛ්‍යාව තුන් ලක්ෂ 6081ක් ද වේ.

මෙවර මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8361 දෙනෙකු තරග වදින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ අතර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 2034 කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිසම පැවසුවේ ඒ අනුව පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට බලාපොරොත්තු වන බවය.