Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාලිමාව ඓතිහාසික මැතිවරණ වාර්තා රැසක් තබයි

2 years ago

2024 මහමැතිවරණයෙන් ජාතික ජන බලවේගය ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කරනු ලැබීය.

මෙවර මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ලබාගත් ප්‍රතිඵලයත් සමඟ මෙතෙක් පැවති මැතිවරණ වාර්තා රැසක බිඳ වැටීම සිදු විය.

එලෙස බිඳ වැටුණු මැතිවරණ වාර්තා පහතින්.

ම

1. මහමැතිවරනයක ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව: 6,863,186 (මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ඡන්ද 6,853,960)

2. මහ මැතිවරණයක පක්ෂයක් ලබාගත් වැඩිම ප්‍රතිශතය: 61.56% (මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් 60.33%)

3. මහමැතිවරණයක ජයග්‍රහනය කළ වැඩිම දිස්ත්‍රික්ක ගණන: 21 (මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිස්ත්‍රික්ක 19ක්)

4. මහ මැතිවරණයක ජයගත් වැඩිම ඡන්ද කොට්ඨාශ ගණන: 152 (මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය කොට්ඨාශ 136ක්)

5. දිස්ත්‍රික් මට්ටමින් දිනාගත් වැඩිම ආසන ගණන: 141 (මීට පෙර 2020දී පොදු ජන පෙරමුණ ආසන 128)

6. මහමැතිවරණයක දිනාගත් වැඩිම ජාතික ලැයිස්තු ආසන ගණන: 18 (මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ආසන 17)

7. මහමැතිවරණයක ජයග්‍රහණය කළ වැඩිම ආසන: 159 (මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ආසන 145)

8. සමානුපාතික ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ ආසන 225න් 2/3ක් ආසන තනි පක්ෂයක් විසින් දිනාගත් පළමු අවස්ථාව