2024 මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරඟ කළ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් හිමිවිය.
මෙම පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ පිරිස් හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් වෙන්ව ආ පිරිස් අතර එකතුවෙන් සෑදී තිබූ පෙරමුණකි.
ඒ හේතුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ද්විත්වය දෙපිරිස අතර බෙදා ගැනීමට සාකච්ඡා වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
නමුත් එම මන්ත්‍රී ධූර දිවිත්වය සඳහා මේ වන විට සිව් කොන් සටනක් නිර්මාණය වී ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
පොහොට්ටුවෙන් වෙන්ව ආ පිරිස් වෙත වෙන් කළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන හා ටිරාන් අලස් අතර තරගයක් ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂය වෙත වෙන් වූ මන්ත්‍රී ධූරය සඳහා සාගල රත්නායක හා රවී කකරුණානායක මහත්වරුන් අතර තරඟයක් ඇතිව තිබෙන බවද වාර්තා වෙනවා.
