Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දොළොස් වසරකට පසු ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ තරගාවලි ජය

2 years ago

නවසීලන්ත කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 3කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17) සමත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගත්තේ වසර 12කට පසුයි.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු රැකීමට තීරණය කළා.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ඉනිමක් පන්දුවාර 47කට සීමා වුණා.

පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 45යි එක් පන්දුවකදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 209ක්.

Will Young ලකුණු 26ක්ද, Tim Robinson ලකුණු 04ක්ද, Henry Nicholls ලකුණු 08ක්ද, Mark Chapman ලකුණු 76ක්ද, Glenn Phillips ලකුණු 15ක්ද, නායක Mitchell Santner ලකුණු 06ක්ද, Mitchell Hay ලකුණු 49ක් ද රැස් කළා.

මහීෂ් තීක්ෂණ සහ ජෙෆ්රි වැන්ඩසේ අතර කඩුලු 3 බැගින් ද අසිත ප්‍රනාන්දු කඩුළු 02ක්, දුනිත් වෙල්ලාලගේ සහ චරිත් අසලංක එක් කඩුල්ල බැගින් ද දවා ගත්තා.

ලකුණු 210ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 46ක් තුළ කඩුලු 7ක් දැවී සිටියදීයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 74ක් ලබාගත් අතර මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 27ක් රැස් කඅළා.

මීට අමතරව පැතුම් නිස්සංක ලකුණු 28ක්, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 05ක්, නායක චරිත් අසලංක ලකුණු 13ක්, සධීර සමරවික්‍රම ලකුණු 08ක්, ජනිත් ලියනගේ ලකුණු 22ක් සහ දුනිත් වෙල්ලාලගේ ලකුණු 18ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී Michael Bracewell කඩුළු 04ක් සහ Mitchell Santner, Glenn Phillips, Nathan Smith අතරේ කඩුළු 01 බැගින් බෙදී ගියා.