එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස පසුගිය ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුට එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් ආරාධනය කර ඇති බව එම පක්ෂයට සමීප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසනවා.
මේ අතර පසුගිය රජය නියෝජනය කළ තරුණ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු හා රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පසුගිය සෙනසුරාදා පවත්වා තිබේ.
එහිදී ඉදිරියේදී ගතයුතු දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා පවත්වා ඇත.
විසින් ආරාධනය කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
කාංචන විජේසේකර, ප්‍රමිත තෙන්නකෝන්, අනුරාධ ජයරත්න ඇතුළු හිටපු මැති ඇමතිවරුන් සමග පැවති මෙම සාකච්ජාවට හිටපු අමාත්‍යවරයකු වූ සාගල රත්නායක ද සහභාගී වී තිබේ.
එක්සත් ජාතික පක්ෂය සමග එක්වන ලෙස එජාප නායකයා ඉල්ලීමක් කර ඇත්තේද එම සාකච්ජාවේදීය.
