ශ්රී ලංකාව හා නව්සිලන්තය අතර, තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාව්ලියේ පලමු තරඟ දෙකම ජයගත් ශ්රි ලංකා කණ්ඩායම, තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදී තරඟාවලියේ ජය තහවුරු කරගැනීමට ඊයේ (17) සමත්වුණා.
මෙලෙස තරඟාවලියේ ජය ගැනීමත් සමඟින් එක්දින සංචිතයේ සිටින පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස්, අසිත ප්රනාන්දු හා කුසල් මෙන්ඩිස් තුන්වන තරඟයෙන් ඉවත්කර තිබෙනවා.
දකුණු අප්රිකාව සමඟ ටෙස්ට් තරඟාවලියට පෙර සූදානමක් ලෙස කළමනාකාරිත්වය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ වෙනුවට ආසියානු නැගී එන ක්රීඩකයන්ගේ කුසලානය සඳහා පැවති තරගයේදී ශ්රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කරමින් පිත්තෙන් දස්කම් දැක් වූ නුවනිදු ප්රනාන්දු සහ ලහිරු උදාරත් පන්දු යැවීමෙන් කැපී පෙණුන ඒෂාන් මාලිංගත් ඇතුළත් කර තිබෙනවා.
