Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා – නවසීලන්ත අවසන් එක්දින තරගය අද

2 years ago

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් එක්දින තරඟය අද (19) පස්වරු 02.30ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

තරග 3කින් සමන්විත තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් ජය තහවුරු කරගෙන සිටින අතර අද තරගයද ජයගනු ලැබුවහොත් ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි ජයක් ලැබීමට අවස්ථාව හිමි වේ.

දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් මෙම තරගයෙන් කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු විවේක ගන්වා තිබේ.

ඒ වෙනුවට ආසියානු නැගී එන ක්‍රීඩකයන්ගේ කුසලානය සඳහා පැවති තරගයේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කරමින් පිත්තෙන් දස්කම් දැක් වූ නුවනිදු ප්‍රනාන්දු සහ ලහිරු උදාරත් පන්දු යැවීමෙන් කැපී පෙණුන ඒෂාන් මාලිංගත් ඇතුළත් කර තිබෙනවා.