හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) දින උදෑසන ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළා.
ඒ, ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි ඉන්දෝර්හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ දෙසුමක් පැවැත්වීම සඳහායි.
එතුමා සමග ඔහුගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ, සාගල රත්නායක සහ තවත් ඔවුන්ගේ සහායකවරයෙකු මෙම සංචාරය සදහා පිටත්ව ගිය බැව් ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසුවා .
ඔහු නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ එළැඹෙන තිස්වන දා ය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමිව තිබුණු ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධූරයක් සදහා රවී කරුණානායක මේ වන විට පත්ව සිටින අතර, අනෙක් මන්ත්‍රී ධූරය සදහා පත් කළ යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් පකෂය තුළ දැවැන්ත අර්බුදයක් මේ වන විට නිර්මාණය වී තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව බලා පිටත්ව යෑම නිසා එම අර්බුධය විසඳීමට තවත් පමා වනු ඇත.
